spot_img

ප්‍රංශ දේවස්ථානයක ත්‍රිත්ව ඝාතනයක්

පුවත්

විදෙස්

ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍රදාම් බැසිලිකා දේවස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මියගිය අය අතර කාන්තාවක ද සිටින බවත් පොලිසිය විසින් ආයුධ සන්නද්ධ සැකකරුට වෙඩිතබා ඇති බවත් නාගරික බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ පල්ලිය තුළ දෙදෙනකු මියගොස් සිටි බවයි. කාන්තාවගේ සිරුර පල්ලිය ආසන්නයේ වැටී තිබියදී සොයාගෙන ඇත. නයිස් නගරාධිපති ක්‍රිස්ටියන් ඒස්ට්‍රොසි පවසා ඇත්තේ තම නගරයේ සිදුවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පිහි ඇණුම සිදුකළ පුද්ගලයා “අල්ලාහ් අක්බර්” යනුවෙන් කෑගසා ඇති බවයි. ඝාතනයට ලක්වූ ඒක් අයෙකු පල්ලියේ පාලකවරයා බවද ඔහු පවසයි.”ඉස්ලාම් අන්තවාදය ප්‍රංශයෙන් අතුගා දැමීම සඳහා සාම නීති වලින් නිදහස් වීමට ප්‍රංශයට දැන් කාලය පැමිණ තිබේ,” යැයි ඒස්ට්‍රොසි පැවසීය.නයිස් ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුලත ප්‍රංශයේ දකුණු දිග අවිග්නොන් නගරයේ මගියෙකුට තුවක්කුවක් ඒල්ලකරමින් තර්ජනයකළ පුද්ගලයෙකු පොලිසිය විසින් ඝාතනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles