6.8 C
New York

අරගලකරුවෝ “ශෝක දිනයක්” සමරද්දී ආණ්ඩුව ප්‍රහාරයකට සූදානම් වෙයි

Published:

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වනවිට දැඩි රැකවල් යොදා තිබෙන ආකාරයක් දක්නට ලැබේ. අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය අදට යෙදී ඇති අතර මේ හේතුවෙන් අරගලකරුවන විසින් අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.

අද (20) ගෝඨා ගෝ ගම අරගලයේ දෙවැනි අදියර ආරම්භ කරන බව අරගලකරුවන් පවසන අතර හැකි සෑම පුද්ගලයකුට ම ගාලු මුවදොර වෙත පැමිණෙන ලෙස ද ආරාධනා කර ඇත.

ඊයේ (19) රාත්‍රියේ නැවත වතාවක් අති විශාල පිරිසක් ගෝඨාගෝ ගම වෙත පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් උද්ඝෝණ පැවැත්විණි. ඒ අවස්ථාවේ යුද හමුදාව සහ පොලිසිය කැඳවා ආරක්ෂාව තර කර තිබිණි.

මේ වනවිට කැරළි මර්ධන ඒකක ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට කැඳවා ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානම්ව සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ.

(ඡායාරූපය – තරිඳු ජයවර්ධන)

Related articles

Recent articles

spot_img