spot_img
spot_imgspot_img

ඉන්ධන බෙදන අලුත් ක්‍රමය මෙන්න

පුවත්

විදෙස්

ඉදිරියේ දී සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සඳහා සියලු රථවාහන ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ත්‍රී රෝද රථ පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පළමුව ලියාපදිංචි විය යුතුය. පෞද්ගලික බස් රථ, සංචාරක බස් රථ, පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යන බස් සහ වෑන් රථ තම ප්‍රදේශයේ ශ්‍රී ලංගම ඩිපෝවේ ලියාපදිංචි විය යුතුය. එම රථ සඳහා ඩිපෝවල ඇති ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මෙම රථවල නාම ලේඛනයක් සකස් කර අදාල ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් ඇමතිවරයා පවසයි.

අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන පුද්ගලයන්ගේ රථ සඳහා ද දින කිහිපයක් වෙන් කිරීමට තීරණය කර ඇති අතර වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනවල රෝහල් ආසන්නයේ ම ඇති පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට වැඩපිළිවෙලක් සැකසීමට නියමිතය.

ඊට අමතරව මෙම කිසිදු කාණ්ඩයකට අයත් නොවන පුද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා දීමට සතියේ දවස් කිහිපයක් වෙන්කිරීමටත් එම දිනවල දී වාහන ලියාපදිංචි අංකයට අනුව ඉන්ධන ලබාගැනීමේ වේලාවක් හඳුනාවදෙන බවත් අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!