spot_img
spot_imgspot_img

නිවසේ සිට වැඩකරන්න යැයි පුද්ගලික අංශයෙන් ඉල්ලීමක්

පුවත්

විදෙස්

පුද්ගලික අංශයෙත් හැකි  සෑම අයකුට ම සිය නිවසේ සිට වැඩ කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (19) ඉල්ලීමක් කළෙල්ය.

ඔහු මේ ඉල්ලීම කළේ අද (19) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“දැනටමත් රජයේ කාර්යාලවල කටයුතු අවම නිලධාරීන් සංඛ්‍යාවකින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා පුද්ගලික අංශයෙනුත් හැකිතාක් තම සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව දෙන්න කියලා. අපි ඒක කළ යුතු දෙයක්. මෙය අපි හැමෝටම අසීරු අවස්ථාවක්. පුද්ගලික අංශයෙත් ඉන්නවා ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක්. එ් විදියට වැඩ කිරීමෙන් මේ ගැටලු අවම කරගත හැකියි.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!