spot_img
spot_imgspot_img

විභාග පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත්වන බව ගරුවරු විභාග කොමසාරිස්ට දැනුම් දෙති

පුවත්

විදෙස්

ඉන්ධන සපයාදීමට විධිමත් වැඩපිළිවෙලක්  සකස් කරන්නේ නැතිනම් හෙට (20) සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් තමන් ඉවත්වන බව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථාන 125 සහ 126 හි සියලු නිලධාරී නිලධාරිනියන් විභාග කොමසාරිස්වරයාට ලිඛිත දැනුම්දිමක් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රමුඛතාවක් දෙන ලෙස දැනුම් දී තිබුණ ද එ් සඳහා ද දිගු වේලාවක් පෝළිමේ රැඳී සිටීමට සිදුවීම. ඇතැම් අවස්ථාවල දී ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නිසි වේලාවට ඇගයීම් කටයුතු සඳහා පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ගාල්ලේ ඇගයීම් මධ්‍යස්ථානවල ගුරුවරු ඊයේ (18) සංකේත විරෝධතාවක ද නිරතවූහ.

ඉන් පසු ගාල්ල දිසාපතිවරයාගේ ද මැදිහත්වීමෙන් කොටුවේ පිහිටි ඉන්ධන පිරවුම්හළ අද දිනයේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් වෙන්කර ඇතත් ඒ සඳහා ද දිගු පෝළිම් දක්නට ලැබෙයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ට ඉන්ධන ලබාගැනීමට නිශ්චිත ස්ථානයක් සහ වේලාවක් වෙන්කර දෙන මෙන් ඔවුහු  ඉල්ලා සිටිති. එසේ නොවන්නේ නම් හෙට (20) සිට පිළිතුරු පත්‍ර ඇගයී‍ම් කටයුතුවලින් ඉවත්වන බව ඔවුන් ඇගයීම් මධ්‍යස්ථාන පරිපාලක මගින් විභාග කොමසාරිස්වරයාට අද ලිඛිතව දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!