-3.4 C
New York

රටේ ඉන්ධන තත්වය මෙන්න. සළාක ක්‍රමය ඉක්මණින් ගෙනඒමට සැළැස්මක්

Published:

ශ්‍රී ලංකාව තුළ දැනට ඇති සමස්ත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,500ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

16 වැනි දා පැමිණි ඩීසල් නැවේ ඩීසල් තොගය තවමත් බෙදාහැරීම ආරම්භ කර නැති බැවින් එම තෙල් තොගය ඒ ආකාරයනේ තවමත් තිබෙන බවත්, ඉදිරියේ දී එම ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවත් ඇමතිවරයා පවසයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මෙට්‍රික් ටොන් 4,000ක් පමණක් බවත්, ඔක්ටේන් 95 පෙට්‍රල් තිබෙන්නේ මෙට්‍රික් ටොන් 8,300ක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර අයි‍ඕසී සමාගම සතුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000 ක් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පෙට්‍රල් සහිත නැවක් යළිි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 23 වැනි දා වන අතර ඩීසල් නැක් යළි පැමිණෙන්නේ ලබන 24 වැනි දාය.

එබැවින් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඇමතිවරයා  පවසන්නේ පොදු ප්‍රවාහන සේවා, පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන බස් රථ, කාර්යාල නිලධාරී ප්‍රවාහන රථ, ධීවර යාත්‍රා, බහාලුම් ප්‍රවාහන රථ, වෘත්තීය ප්‍රවාහන ත්‍රී රෝද රථ, අත්‍යාවශ්‍ය සේවා සඳහා යන සේවකයන් සඳහා මෙලෙස ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබේ.

එම වැඩපිළිවෙල සැකසීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කර තිබේ.

Related articles

Recent articles

spot_img