spot_img
spot_imgspot_img

පොලිස් වෙඩිල්ලකින් නෙළුවේ තරුණයෙක් මරුට. තුවක්කුව උදුරා ගනිද්දී පත්තුවුණා යැයි පොලිසිය කියයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේ දී අද (18) සවස සිදුකරන ලද පොලිස් මෙහෙයුමක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 30ක් පමණ වයසැති මොරවක පදිංචිකරුවෙකි.

පොලිසිය පවසන්නේ වැටලීමක් අතරතුර නිලධාරියකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් ඔහු මියගොස් ඇති බවයි. නෙළුව පොලිසිය විසින් වැටලීම සිදුකරද්දී පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට මියගිය පුද්ගලයා උත්සාහ ගත් බවත්, එහි දී ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහුට වෙඩි වැදුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.

පොලිසිය පවසන්නේ එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනකු පළා ගිය බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කළ බව ද නෙළුව පොලිසිය පවසයි. දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ උපදෙස් මත ගා්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු යටතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!