-3.4 C
New York

සාස්තරකාරයන්ට, මිරිහාන පොලිසිය තෙල් විකුණයි

Published:

තම අධි සුඛෝපභෝගී ජීප් රථයෙන් අද (18) සවස 5.00ට පමණ හදිසියේම මිරිහාන පොලිසියට ඇතුළු වූ පුද්ගලයකු පොලිසිය ඉන්ධන පුරවන බුලියක් සහ ඉන්ධන සඳහා මුදල් ලබා දී ආපසු යන ආකාරය අ‍පගේ මාධ්‍යවේදියකුගේ කැමරාවේ සටහන්ව තිබේ.

මෙම පුද්ගලයාගේ රථය පොලිසියට ඇතුළුවන විට එය නැවැත්වීමට ඉදිරිපස ගේට්ටුවේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයා උත්සාහ ගත්ත ද ඔහු එය නොතකා මිරිහාන පොලිසිය ඇතුළටම රථය ධාවනය කර තිබේ.

CAJ 8000 දරණ අංකය යටතේ ලියාාපදිංචි කර ඇති මෙම රථයේ පැමිණ ඇත්තේ සාස්තරකාරයකු ලෙස ප්‍රකටව සිටින මංජුල පීරිස් නමැති පුද්ගලයා සහ තවත් කාන්තාවකි. උසස් පොලිස් නිලධාරියකුට කතා කළ මංජුල පීරිස් පොලිසියට, ඉන්ධන පුරවන විශාල ප්‍රමාණයේ බුලියක් සහ මුදල් ලබාදෙන ආකාරය අපේ මාධ්‍යවේදියා සියැසින් දැක ඇත.

ඒ මොහ‍ොතේ ම ඔහු කැමරාව ක්‍රියාත්මක කර පහත ඡායාරූප රැගෙන තිබේ.

පොලිසිය සිය රාජකාරී බලය පාවිච්චි කරමින් හිතවතුන්ට, ව්‍යාපාරිකයන්ට පමණක් නොව, මිත්‍යාව පතුරුවමින් සමාජය නොමග යවන පුද්ගලයන්ටත්, මෙවැනි සාස්තරකාරයන්ටත් ඉන්ධන විකුණන බව මෙයින් පැහැදිළි වෙයි.

මංජුල පීරිස් සහ කාන්තාව එම රථයේ ම නැගී පසුව පැමිණ ඉන්ධන ගන්නම් යැයි කියා පිටව යන අවස්ථාවේ පොලිසිය ඉදිරියේ ඉන්ධන පෝළිමේ සිටි තරුණයෝ මංජුල පීරිස්ට හූ හඩ තැබූහ.

මේ සම්බන්ධයෙන් විමසීමට මිරිහාන පොලිසියට ඇමතුම් ගත්ත ද එහි දුරකථනය නිරන්තරව ම කාර්ය බහුලව පවතීයි.

පොලිසිය ඉන්ධන ජාවාරමේ යෙදෙන බවට මෙය මනා සාක්ෂියකි.

(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරන වෙබ් අඩවියකි. එබැවින් ඕනෑම අයකුගේ පිළිතුරු දීමේ අයිතිය සුරක්ෂිත කරයි. මෙම පුවත සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයකු හෝ යම් ආයතනකට හෝ පාර්ශවයකට හෝ අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයන්ගේ හෝ ආයතනයේ හෝ පැහැදිළි කිරීම් හෝ ප්‍රකාශයන් මේ හා සමාන වැදගත්කමක් සහ ඉඩක් ලබා දී පළකිරීමට අපි කටයුතු කිරීමට බැඳී සිටින්නෙමු.)

Related articles

Recent articles

spot_img