spot_img
spot_imgspot_img

දරුවන්, දෙමාපියන් සහ ගුරු විදුහල්පතිවරු අමාරුවේ. අමාත්‍යාංශය අපභ්‍රංශ තීන්දු ගනී

පුවත්

විදෙස්

පාසල් පැවැත්වීම හෝ වසා දැමිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ස්ථීර තීරණයක් ගත නොහැකිව ඒ පිළිබඳ වගකීම පැහැර හරිමින් අපභ්‍රංශයක් වූ මාධ්‍ය නිවේදනයක් මීට සුළු වේලාවකට පෙර නිකුත් කරනු ලැබීය.

එහි දැක්වෙන්නේ අද (18) අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යක්ෂවරු සමඟ ඔන්ලයින් සම්බන්ධ වී කළ සාකච්ඡාවක දී මේ තීරණය ගත් බවයි.

ඒ අනුව පාසල් වසා දමනවාද ? වසා නොදමන්නේ ද යන්න පිළිබඳව වත් ඒ නිවේදනයේ පැහැදිළිව දක්වා නැත. එහි දැක්වෙන විස්තර අනුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සිය වගකීම පැහැර හැර තිබේ.

මෙහි පළමු කරුණේ දැක්වෙවන්නේ ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ට ගුරුවරුන්ට හා විදුහල්පතිවරුවන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්වයන් යටතේ එම පාසල් ආරම්භකර පවත්වාගෙන යාමට අවසර දෙන බවයි.

නමුත් මේ නිවේදනය නිකුත් කළ අධ්‍යාපන අමාත්‍යාංශයට අඩු සිසුන් සංඛ්‍යාව යනු කොපමණ සීමාවකට අඩු පාසල් ද යන්න හෝ ප්‍රාථමික, කණිෂ්ඨ ‍හෝ ද්විතීක පාසල් ද යන්න තීරණය ගැනීමට නොහැකි වී තිබේ. ඒ නිසා විදුහල්පතිවරු, ගුරුවරු මෙන් ම සිසු දරු දැරියෝ ද දැඩි අපහසුතාවවකට පත්වෙති.

එහි දෙවැනි කරුණේ මෙසේ දැක්වෙයි.

“එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන්  සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම්ල ඒ සදහා    විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.” මෙය ද අපභ්‍රංශයකි. මෙරට සෑම දරුවකුට ම සිමාන අධ්‍යාපන අයිතියක් තිබේ. නමුත් පෙට්‍රල් ඩීසල් නැත්නම් එන එකා ආවොත් අපි උගන්වනවා බැරි එකා ගෙදර හිටපුවාවේ කියන න්‍යායට අධ්‍යාපන අමාත්‍යාංශය මෙලෙස ගමන්කර තිබේ. එය දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

තුන්වැනි කරුණේ දැක්වෙන්නේ යම් පාසලක සිසුන්ට පැමිණීමට නොහැකිනම් ඔවුන්ට මාර්ගගත ඉගැන්වීම් සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි. පහසුකම් නැත්නම් කළ හැකි දෙයක් නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය ම මෙම නිවේදනයෙක් පිළිගෙන ඇත.  

මෙම නිවේදනයේ හතරවැනි කරුණ තවත් අපභ්‍රංශයකි. එහි මෙසේ දැක්වෙයි.

“බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ දී නොපැවැත්විමට තිරණය කරන ලද අතර, ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී”

කොළඹ කලාපය යනු පැහැදිලි නිර්ණායකයකි. එම පාසල්වලට මෙම සතියේ නිවාඩු ලබා දී ඇත. එය පැහැදිලිය. නමුත් ආසන්න නගර යනු කුමක්ද ? සෙසු පළාත්වල ප්‍රධාන නගර යනු කුමක් ද ? දකුණු පළාතේ ප්‍රධාන නගරය ගාල්ල නගරයයි. මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය මහනුවරයි, උතුරු මැද පළාතේ අනුරාධපුරයයි, සබරගමුවේ රත්නපුරයයි. නගරයක් ප්‍රධාන නගරයක් ද නොවන්නේ ද යන්න සම්බන්ධයෙන් කිසිදු නිර්ණායකයක් නැත. මේ තීරණ ගන්නා අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම් වරයා ඇතුළු අධ්‍යාපන බලධාරන් පාසල් අධ්‍යාපනය ලබා ඇත්නම් මේවා ගැන දැනගත යුතුය. කොළඹ කලාපයට ආසන්න පාසල් සෙසු ප්‍රදේශවල පිහිටි පාසල් කියා පවසමින් පාසල් වසා දැමීම හෝ පැවැත්වීම පිළිබඳ තීරණ කිරීමට තරම් අධ්‍යාපන අමාත්‍යාංශය අඳ බාලයන් බවට පත්ව තිබේ.

මෙම කාලය තුලදි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන රාජකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන බවත් එය එසේ සළකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිළධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි ද මෙම නිවේදනයේ සඳහන් කර ඇත..

කිසිදු පැහැදිළි උපදෙසක් නොමැතිව සෘජු තීරණයක් නැතිව ලබන සතියේ පාසල් සම්බන්ධ වගකීම විදුහල්පතිවරුන් පිට පැටවූ අධ්‍යාපන ඇමතිවරයා, ලේකම්වරයා ඇතුළු බලධා‍රීන් පවසන්නේ ලබන 25 වැනි දා නැවත ඉදිරි සතියේ කටයුතු සමාලෝචනය කර ජුනි 27 වැනි දා සිට ආරම්භවන සතිය පිළිිබඳ තීරණයක් ගන්නා බවයි.

මේ අතර Online ඉගැන්වීම් සඳහා ඉඩ ලබාදීම වෙනුවෙන් සතියේ දිනවල පාසල් පවත්වන වේලාවේ දී විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!