-1.6 C
New York

පාසල් පවත්වනවා ද නැද්ද ? තීරණය විදුහල්පතිවරු සතුයි

Published:

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමනාත් විසින් විදුහල්පතිවරුන් වෙත ම පවරා තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ කොළඹ නගරයේ පාසල් ලබන සතියේ 20 වැනි දා සිට 24 වැනි දා දක්වා වසා තබන බවයි. ඊට අමතරව ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි බලපෑමකින් තොරව පැවැත්විය හැකි බව ද හෙතෙම පවසයි.

නාගරික පාසල් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට අවස්ථාවක් ඇති බව ද අධ්‍යාපන ඇමති පවසයි.

මෙය ස්ථිර ප්‍රකාශයක් නොවන බවත් පාසල් නාගරික සහ ග්‍රාමීය වශයෙන් බෙදා වෙන් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් විදුහල්පතිවරුන්ට වගකීම පැවරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඇඟ බේරාගැනීමට උත්සාහ ගන්නා බවත් විදුහල්පති වරු චෝදනා කරති.

Related articles

Recent articles

spot_img