මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම විද්‍යාලයේ සිසුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර සිටියි.
මෙසෙ රෝහල්ගත කර ඇත්තේ මහින්ද විද්‍යාලයීයය 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නාය. 16 වැනි දා ක්‍රිකට් පුහුණුවීම් අවසන් වූ අවස්ථාවේ දි එම ක්‍රීඩාපිටියට පැමිණ සිටි අයකුගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන සිය පියට තමන් රැගෙන යාමට ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීමක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර ඇතැයි වාර්තා වේ.
එම සිසුවා ජංගම දුරකථනයක් සහිතව පාසලට පැමිණ ඇතැයි වෙනත් අයකු විසින් කරන ලද චෝදනාවක් පදනම් කරගෙන මෙම පහරදීම සිදුකර ඇත.
එම දරුවාගේ පියා පවසන්නේ කණ්ඩායමේ සියලු ළමයි ඉදිරියේ විදුහල්පතිවරයා එකවිටම තම පුතු කැඳවා ඔහුට වේගවත් පහර කිහිපයක් එල්ල කර ඇති බවයි.
තමන් හමුදා නිලධාරියකු බව පවසමින් හමුදාවේ විනය පාසලේ තිබිය යුතුයැයි දේශනා පවත්වන අතුල විජේවර්ධන නම් විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳ විමසීමට අප ඔහුට පණිවිඩ දෙකක් තැබුව ද ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වන්නේ නැත.
මෙම සිසුවා සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ පහර දීම පිළිබඳ රෝහල් පොලිසියට දැනුම් දී ඇති බවයි. අධිිකරණ වෛද්‍යවරයකු ද දරුවා පරීක්ෂාකර ඇති අතර ස්නායු වෛද්‍යවරයකුට පෙන්වන ලෙස ද දැනුම් දී තිබේ. එම දරුවා අවස්ථා කිහිපයක් ම වමනය කර ඇතැයි ද වාර්තා වේ.
(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම අනුගමනය කරනු ලබන වෙබ් අඩවියකි. එබැවින් පිළිතුරු දීමේ අයිතිය අපි සුරක්ෂිත කරනු ලබයි. මෙම පුවත සම්බන්ධයෙන් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා, ආදි සිසුන් ඇතුළු විද්‍යාලලයීය ප්‍රජාව හෝ වෙනත් යම් අයකු හෝ පාර්ශවයක් හෝ අගතියට පත්වන්නේ යැයි හැඟෙන්නේ නම් එවැනි අයගේ අයගේ අදහස් දැක්වීම් හෝ ප්‍රකාශන් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.)