කොළඹ-වැල්ලවත්ත සමුද්‍ර මාවතේ දී සිපෙට්කෝ තෙල් බවුසරයකින් කෙලින්ම බුලිවලට තෙල් රැගෙන සිය කාරයට පටවාගන්නා කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යයට නිකුත් කර ඇත.
මහ දවාලේ දහස් ගණනක් ඔබ මොබ යන මහා මාර්ගයක කිසිම චකිතයකින් තොරව සිය කාරය සහ සිපෙට්කෝ බවුසරයක් නවතාගෙන එම බවුසරයට බුලි කිහිපයක් ලබා දෙමින් සිපෙට්කෝ සේවකයන් ලවාම බුලිවලට එම කාන්තාව තෙල් පුරවා ගනී. අනතුරුව එවා කාරයේ පටවාගෙනෙ ඇය එතැනින් නික්ම යයි.
මෙම කාන්තාව කවුරුන්දැයි අපි දන්නේ නැත. නමුත් ඇය පැමිණි කාරයේ වෛද්‍යවරුන භාවිතා කරන ස්ටිකරයක් අලවා ඇති බව ද පැහැදිළිව පෙනෙන්නට තිබේ.
මෙය නීති විරෝධී වැඩකි. සිපෙට්කෝ ආයතනයේ බවුසරයක් අතරමග නවතා මේ ආකාරයෙන් තෙල් ගැනීමට සමත් මේ බලපුළුන්කාර කාන්තාවන කවුරුන්දැයි සොයා බැලිය යුතුය. නිවසක බුලියක තෙල් තිබුණු විට අත්අඩංගුවට ගන්නා පොලිස් බලධාරීන් මේ ගැන කඩිනමින් සොයා බැලිය යුතු බව අපි අවධාරණය කරමු. එමෙන්ම කිසිම වග විභාගයක් නැතිව තෙල් හොර පාරේ යවන මේ සිපෙට්කෝ සේවකයන් සම්බන්ධයෙන් ද වහාම පරීක්ෂණ පැවැත්විය යුතුය.
කාරය මධ්‍යම පළාතේ ලියාපදිංචි වූවකි. එහි අංකය CAR 5621 ලෙස දැක්වෙයි
ඉන්ධන බවුසරයේ එක් අංකයක් LH 3702 ලෙස දැක්වෙයි. එය නැගෙනහිර පළාතේ ලියාපදිංචි කර ඇත.






