-5.9 C
New York

ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි)

Published:

කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම්හළක දී ඊයේ (17) පොලිසිය විසින් අමානුෂික ලෙස පුද්ගලයන් පිරිසකට පහර දී අත්අඩංගුවට ගැනීම් සිදුකිරිමට පෙර ඉන්ධන පිරවුම්හළ දෙසට පැමිණෙන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සාමාන්‍ය වැසියන් විසින් පාර අයිනේ නවතා තිබූ යතුරුපැදි පෙරළා දමන ආකාරය කැමරාවක සටහන්ව තිබේ.

එම දර්ශන අප පහළින් පළකර ඇත.

මෙවැනිම සිදුවීමක් රඹුක්කන දී ද වාර්තාවිය. ඒවායේ දර්ශන ද අප වෙත ලැබී ඒවා එදින ම පළ කළෙමු.

ඊයේ කුරුණෑගල පොලිසිය ඉන්ධන පිරවුම්හළ අසළට පැමිණ කරන ලද පහරදීම කිසිසේත්ම විය යුතු දෙයක් නොවන බවත් සාමකාමීව සිටි සාමාන්‍ය වැසියන්ට ගිනි අවි පෙන්වමින් කරන ලද පහරදීම අමානුෂික බවත් මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරයි.

මේ අතර ඊයේ (17) රාත්‍රී අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හළක දී ද පොලිසිය සහ ජනතාව අතර ගැටුමක් හටගෙන තිබිණි. පොලිසිය පවසන්නේ එහි සිටි පිරිසක් පොලිසියට පහර දුන් බවයි. එහි වීඩියෝ දර්ශන ද අප වෙත ලැබී තිබූ අතර එම දර්ශන මෙලෙස පළකර ඇත. අතුරුගිරියේ දර්ශන මෙතැනින්

මෙම සිදුවීම් පරීක්ෂා කිරීමේ දී ඉන්ධන පෝළිම් අසළ ගැටුම් නිර්මාණය කිරීමට පොලිසිය ම අර අදිනවාදැයි සැකයක් පවතින බව සමාජ ක්‍රියාකාරිකයෝ චෝදනා කරති.

Related articles

Recent articles

spot_img