spot_img
spot_imgspot_img

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතා ගුරුවරු උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම නවතා අද (18) උදෑසන ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ අනුලා දේවී විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානවල ගුරුවරු උද්ඝෝෂණයක නිරතවූහ.

විභාග ඇගයීම් කටයුතු සඳහා පැමිණීමට ඉන්ධන නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ගුරුවරු පවසන්නේ විභාග ඇගයීම් කටයුතු සඳහා යන ගුරුවරුන්ට ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාව ලබාදෙන්න යැයි රජය වරින් වර ප්‍රකාශ කළ ද ඉන්ධන පිරවුම්හල්වලින් එවැනි ප්‍රමුඛතාවක් නොලැබෙන බවයි. සිය ගණනක් වාහන පෝළිම්වල දින ගණන් රැඳී සිටිය දී පෝළිමෙන් පිටින් ගොස් තම රාජකාරී ලේඛන පෙන්වා ඉන්ධන ලබාගැනීමට නොහැකි බවත් ඔවුහු කියති.

එක් ගුරුවරයකු ඒ ගැන මෙසේ කීවේය.

“අපිට දවසක් හෝ දෙකක් පෝළිමේ ඉදලා තෙල් ගහගෙන විභාග ඇගයීම්වලට එන්න බෑ. පෝළිමට පිටින් යන්න වෙනවා. එහෙම යනකොට පෝළිමේ ඉන්න අය කෑ ගහනවා. අපිට පහර දෙන්න එනවා. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශත් අපිව එළවනවා. ඉන්ධන පිරවුම්හල්වල ඉන්න කළමණාකරුවන් එක්ක කතා කළාම අපිට ඔය කොළ කෑලිවලට තෙල් දෙන්න බෑ කියනවා. පෝළිමට පිටින් ගන්න බෑ එතකොට මෙතන තියෙන ප්‍රශ්නවලට කවුද වගකියන්නේ කියලා අහනවා. අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව දෙනවා කියන ඉන්ධන පිරවුම්හල්වල අත්‍යාවශ්‍ය සේවා පෝළිමෙත් පැය හතරක් පහක් ඉන්න වෙනවා. මේ වැඩේ කරන්න බෑ. මේකට ස්ථිර පිළියමක් අවශ්‍යයි. නැත්නම් අපිට විභාග ඇගයීම් කටයුතු නතර කරන්න සිද්ධ වෙනවා.”

ගුරුවරු පවසන්නේ අද මෙම විරෝධතාව සංකේතාත්මකව පවත්වන බවයි. අද දිනය තුළ මේ සඳහා රජයෙන් පැහැදිළි විසඳුමක් නොලැබුණහොත් හෙට සිට විභාග ඇගයීම් කටයුතු නතර කරන බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!