spot_img
spot_imgspot_img

ඉන්ධන පෝළිමේ ජනතාවට, ගිනි අවි පෙන්නා පොලිසිය කළ දේට දැඩි ජනතා විරෝධයක්

පුවත්

විදෙස්

කුරුණෑගල, මල්කඩුවාව, වැලගෙහේන ඉන්ධන පිරවුම්හළේ දී ඊයේ (17) පොලිසිය විසින් ජනතාවට අමානුෂික ලෙස ජනතාවට පහර දෙමින් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුකළා යැයි පවසමින් ජනතාව අද (18) විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබේ.

මෙම ඉන්ධන පිරවුම්හළ අසළ දින කිහිපයක් ම විශාල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණු අතර දින කිහිපයකින් ඉන්ධන නොලැබුණු බවත් ඉන්ධන අවසන්ව ඇති බවත් පිරවුම්හළේ සේවකයන් ජනතාවට දැනුම් දී තිබිණි. තමන්ට ඉන්ධන ටැංකි පෙන්වන ලෙස පෝළිමේ සිටි පිරිසක් ඉන්ධන පිරවුම්හළේ සේවකයන්ට පවසා ඇත. එම අවස්ථාවේ දී සිය රාජකාරී ගිනි අවිය ඇදගත් පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහර දී ඔහු අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යතුළ සංසරණය වෙයි.

පොලිසිය විසින් එම අවස්ථාවේ ඉන්ධන පිරවුම්හළට පැමිණ සිටි පුද්ගලයන් 09 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ කරන ලද මේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කුරුණෑගල පොලිසිය ඉදිරිපිට විශාල පිරිසක් රැස්වීම විරෝධතා පැවැත්වූ අතර නීතිඥවරු පිරසක් ද පොලිසියට පැමිණ මේ අත්අඩංගුවට ගැනීම අයුක්ති සහගත බව ද ප්‍රකාශ කළහ.

(20) Watch | Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!