-3 C
New York

රජයේ සේවය ගෙදර සිට, සති දෙකක් Online

Published:

ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන 20 වැනි දා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයන් කාර්යාලවලට කැඳවීම සීමා කරන බව දක්වමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (17) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ කාර්යාල සඳහා ඉදිරි සති දෙකක කාලයේ දී කැඳවිය යුතු වන්නේ සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම සේවකයන් පිරිසක් පමණි. එමෙන් ම රාජ්‍ය නිලධාරීන්, තමන් සේවය කරන අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ තමන් පදිංචි ස්ථානයට ආසන්නතම වෙනත් කාර්යාලයකට අනුයුක්ත කිරීම් බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තුව ප්‍රධාන්නීට සහ ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇත.

මෙයට අමතරව අවම සේවකයන් කැඳවීම ද සේවා මුර ක්‍රමයට කිරීමට සුදුසු බව දැනුම් දී තිබේ. මෙලෙස යම් විධිමත් ක්‍රමවේදයක් සැකසීමෙන් පසුව යම් අයකු සේවයට වාර්තා නොකළේ නම් පමණක් පුද්ගලික නිවාඩුවලින් අඩුකළ යුතු බව ද අද නිකුත් කළ චක්‍රලේලඛයේ 04 වැනි කරුණ ලෙස දක්වා ඇත.

එමෙන් ම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ දිනවල දී හෝ නොකැඳ වූ දිනවල දී වුව ද ඔන්ලයින් ක්‍රමයට රාජකාරී කළ යුතු බව ද දැනුම් දී තිබේ.

රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යා යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

Related articles

Recent articles

spot_img