spot_img
spot_imgspot_img

වැසිකිළි වළට වැටුණු දරුවාගේ මරණය අභිරහසක්

පුවත්

විදෙස්

කුඩා දරුවකු වැසිකිළි වළක වැටී මියගිය බවට අද (17)  වාර්තා වුව ද ‍නිවැසියන්ගේ ප්‍රකාශවල පරස්පරතා හේතුවෙන් මරණය සම්බන්ධ සැකයක් මතුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර උතුර, වත්තල්පල, පල්ලියමුල්ලේ පදිංචි වයස අවුරුදු 02ක දරුවෙකි.

පානදුර උතුර පොලිසිය පවසන්නේ එම දරුවා වයස අවුරුදු 11ක් සහ 07ක් වයසැති වැඩිමල් සොහොයුරියන් දෙදෙනා සමඟ නිවස පිටුපස සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දෙන්නට ඇතැයි නිවැසියන් ප්‍රකාශ කළ බවයි. එම අවස්ථවේ දී දරුවන්ගේ මව නිවසේ ආහාර සකසමින් සිටි බව ද කියා ඇත. මේ අවස්ථාවේ බාලම දරුවා පෙනෙන්නට නොමැති බැවින් පියා එම දරුවා ගැන සොයා බලා තිබේ.

දරුවා වැටී සිටි වැසිකිළි වළ පිහිටා ඇත්තේ නිවසේ ගබඩා කාමරයක් තුළය. එම වළ තුළ තිබී දරුවාගේ සිරුර සොයාගෙන ඇති අතර අසල්වාසීන්ගේ ද සහය ඇතිව ගොඩට ගෙන ත්‍රී රෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන යනවිටත් දරුවා මියගොස් සිටි බව පැවසේ.

පොලිසිය කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ කොන්ක්‍රීට් සිලින්ඩර යොදා අඩි 06ක් පමණ ගැඹුරට මේ වැසිකිළි වළ ගබඩා කාමරය තුළ සකසා තිබූ බවයි. නමුත් එය වසා තිබී ඇත්තේ තහඩු කැබලිවලින් සහ කාර්ඩ්බෝඩ් යොදාගෙන යැයි ද අනාවරණය වී ඇත.

නිවැසියන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පරස්පරතා සහිත බැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!