spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසලක ගුරුවරියකට යකා වැහිලා දරුවන්ට පහර දෙයි. දරුවන් පාසල් යන්න බෑ කියද්දී විදුහල්පති හැං‍ඟෙයි

පුවත්

විදෙස්

ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යක්ෂාවේශයකින් මෙන් දරුවන්ට කොසු ඇතුළු අතට අසුවන දෙයින් පහර දුන්න ද  ඒ සම්බන්ධ පැමිණිලිලට අධ්‍යාපන බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව වාර්තා වෙයි.

මැණික් කුමාරියක් ලෙස තමන් හඳුන්වාගන්නා මෙම ගුරුවරිය එම පාසලේ හතරවැනි ශ්‍රේණියේ පන්තියක් භාරව කටයුතු කරයි.

ඇය එම පන්තියේ සිසුන්ට කුරිරු ලෙස සළකන බවත්, වරක් එක් දරුවකුගේ හිස ඉදිමෙන තුරු පර්මනට් මාකාර් එකකින් පහර දී ඇති බවත් වාර්තා වේ. තවත් අවස්ථාවක දී ඇය එක් දරුවකුට පනත්යේ කොස්සෙන් පහර දීම හේතුවෙන් එම දරුවා දින කිහිපයක් පාසල් නොගොස් නතර නිවසේ නතර වී තිබිණි.

පසුගිය වසරේ දී සිසුන්ට දිනක් හැර දිනක් පාසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ කාලයේ තම දරුවන් දෙදෙනාට පාසල් නොපැවැත්වෙන දිනවල දී මේ මැණික්  කුමාරිය ඇගේ දරුවන් පාසලට ගෙනවිත් පන්තියේ තබාගෙන උගන්වා ඇත. දෙමාපියන් පවසන්නේ එ් පිළිබඳ කිසිදු විරෝධයක් නොමැති වුව ද තම දරුවන්ට සළකන ආකාරයට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ ලෙස ඇය තම පන්තියේ අනෙක් ළමයිනට සළකන බවයි.

මේ ගුරුවරියගේ කුරිරුකම් හේතුවෙන් දැනටමත් ඇගේ පන්තියේ දරුවන් කිහිප දෙනකුම පාසලට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

පසුගිය දා එක් සිසුවෙක් දෙමාපියන්ගේ බලකිරීම මත පාසලට පැමිණිය ද ඔහු පාසලට ඇතුළු වී පන්තියට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ප්‍රාථමික අංශය භාර විදුහල්පතිනියට එම දරුවා තම කාර්යාලයේ තබා ගැනීමට සිදුව තිබිණි. නමුත් අවසානයේ මේ බව දැනගත් මැණික් කුමාරිය යක්ෂාවේශ වී එම දරුවාට පහර දීමට පැමිණ ඇති අතර දරුවා පුටුවක් යට සැඟවී පහර දීමෙන් වැළකෙද්දී මැණික් කුමාරිය ප්‍රාථමික අංශ විදුහල්පතිනියට ද පරුෂ වචනයෙන් බැණ වැදුණු බව සිද්ධිය ඇසින්දුටු වෙනත් ගුරුවරු අප සමඟ කීහ.

යක්ෂාවේශයෙන් කටයුතු කරන මේ මැණික් කුමාරි පිළිබඳ ප්‍රාථමික අංශය භාර විදුහල්පතිනියට, පාසලේ විදුහල්පති සී.ඩී.නාගහවත්තට සහ කලාප අධ්‍යාපන කාර්යාලයට පමණක් නොව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ද පැමිණිලි කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පන්තියේ දරුවන්ගේ දෙමාපියෝ කියති.

ඇය දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් ඔවුන් බිය වද්දමින් තමන්ට ඇති මානසික පීඩනයක් දරුවන් මතින් මුදාහරින බව දෙමාපියන්ගේ අදහසයි. අවම වශයෙන් මේ ගුරුවරියට පන්තියක් භාර නොදී ඇයට වෙනත් කාර්යයක් පවරන ලෙස දෙමාපියන් කරන ලද ඉල්ලීමට වරක් විදුහල්පතිවරයා ද එකඟ වී තිබේ. ඒ අනුව වෙනත් ගුරුවරියක මේ පන්තියට යැවූ විට මැණික් කුමාරී එම ගුරුවරියට ද බැණ වැදී එළවා දමා තිබේ.

මෙම ගුරුවරිය මීට පෙර අක්මීමණ ප්‍රදේශයේ වෙනත් පාසලක උගන්වා ඇති අතර එම පාසලේ දී ද මෙවැනිම අමානුෂික හැසිරීම් ප්‍රදර්ශනය කළ බව අප වෙත වාර්තාවෙයි. කෙසේ වෙතත් එම විදුහලෙන් ඇයට ස්ථානමාරුවක් ලැබුණු විට එයට විරෝධය දක්වමින් ඇය එම පාසලේ විදුහල්පතිවරයාට සහ නියෝජ්‍ය විදුහල්පතිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද දැනගන්නට ඇත. මේ අතර ඕල්සෙන්ට්ස් විද්‍යාලයට අසල්වැසි පාසලක විදුහල්පතිනියකට ද එරෙහිව ඇය නඩු මගට බැස ඇතැයි වාර්තා වේ.

විවිධ කරුණු ඉදිරිපත් කරමින්, තමන් නඩු දාන බවට කරන තර්ජනවලට ඕල්සන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියත්, පාසලේ විදුහල්පිතිත් බියට පත්ව මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව තතු දත් අය කියති.

මේ සම්බන්ධයෙන් විමසීමට අප ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ විදුහල්පති සී.ඩී.නාගහවත්ත දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද ඔහු අපගේ ඇමතුම හා සම්බන්ධ වන්නේ නැත. එය මඟහැරෙන ඇමතුමක් බවට පත්කරයි. ඒ හේතුවෙන් අපි කරුණු දක්වමින් ඔහුට පණිවිඩයක් යැවූව ද එයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඉන් පසු අපි ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය දුරකථන ඇමතුමක් ගත් විට ඇය කියා සිටියේ “ප්‍රශ්නයක් තියෙනවා නමුත් මට ඒ ගැන මොනවත් කියන්න බෑ යනුවෙනි.”

අපගේ විමසීම පිළිබඳ විදුහල්පතිවරයා දැනුම්වත් කර අපගේ දුරකථන අංකයට ඇමතුමක් ගන්නා ලෙස විදුහල්පතිවරයාට පවසන්න යැයි අපි ඇයට කී විට ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය එය ඉටුකළ හැකි බව කිවාය. නමුත් ඉන්පසුව ද විදුහල්පති සී.ඩී.නාගහවත්තගෙන් ප්‍රතිචාරයක් නැත.

‍ප්‍රාථමික අංශයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට කොසු මිටි ඇතුළු අතට අසුවන සියලු දෙයින් පරහ දෙන මේ යක්ෂණිය විනාශ කරනු ලබන්නේ මේ රටේ දූ දරුවන්ගේ අනාගතයයි. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී විදුහල්පති ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට දරුවන් ආරක්ෂාකර ගත නොහැකිනම් ගාල්ලේ ඕල්සන්ට්ස් විද්‍යාලයේ ‍දරුවන්ට ඇති ආරක්ෂාව පිළිබඳ ලැබෙන්නේ කවර නම් වූ සහතිකයක් ද ?

මේ ගැන අධ්‍යාපන බලධාරීන්ගේ පමණක් නොව ළමා හිංසනය පිටුදකින සමාජ ක්‍රියාකාරිකයන්ගේ ද අවධානය යොමු විය යුතුය.

(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම සුරක්ෂිත කරන වෙබ් අඩවියකි. අපි ඕනෑම අයකුගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරන අතර එය ආරක්ෂා කිරීමට ද බැදී සිටින්නෙමු. එබැවින් මෙම පුවත සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට ‍හෝ යම් පාර්ශවයකට හෝ යම් ආයතනයට අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේ නම් එම පාර්ශවයන්හි පැහැදිළි කිරීම් සහ කරුණු දැක්වීම් මේ හා සමාන ඉඩක් ලබා දී පළකිරීමට අපි බැඳී සිටින බව ද දන්වා සිටිමු.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!