spot_img
spot_imgspot_img

ගාල්ලේ පෝද්දල ඉන්ධන පිරවුම්හළ පෙට්‍රල් හංගලා යැයි චෝදනාවක්

පුවත්

විදෙස්

ගාල්ලේ, පෝද්දල, බලගොඩ ඉන්ධන පිරවුම්හළේ පෙට්‍රල් සඟවාගෙන බොරු කියා පාරිභෝගිකයන් හරවා යැවූ බවට එහි ඉන්ධන ගැනීමට ගිය පිරිස් පවසති.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තමන්ට බරපතල අසාධාරණයක් වූ බවයි.

ඊයේ (16) දිනයේ එම ඉන්ධන පිරවුම්හළට පෙට්‍රල් ලැබෙන බව දැනගත් අති විශාල පිරිසක් එහි පෝළිම්වල රැඳී සිටියහ. ඊයේ අලුයම 3.00ට පමණ පෝළිමට පැමිණි අයකු අප සමඟ කියා සිටියේ තමන්ට පෙට්‍රල් ලැබෙන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වූ බවයි.

පෙට්‍රල් ‍පෝළිම තවදුරටත් ඉතිරව තිබිය දී ඉන්ධන පිරවුම්හළේ සේවකයන් ඉන්ධන අවසන් වූ බව පවසා ටැංකියක් ද විවෘතකර පෙන්වා පෝළිමේ සිටි සියලු දෙනාම ආපසු හරවා යවා තිබිණි.

ඊයේ (16) ඉන්ධන අවසන් වූ බව පැවසුව ද අද (17) නැවත පෙට්‍රල් නිකුත් කිරීම එම ස්ථානයේ ආරම්භ කර තිබිණි. ඊයේ එහි සේවකයන් තමන්ව රවටා ආපසු යැවූ බවත් පසුව තම හිතවතුන් ගෙන්වාගෙන අද උදෑසන නැවත පෙට්‍රල් නිකුත් කිරීම ආරම්භ කළ බවත් ඊයේ පෝළිමේ රැඳී සිට පෙට්‍රල් නොලැබුණු පිරිස් චෝදනා කරති.

අද පෙට්‍රල් ලබාදීමේ දී එක් යතුරුපැදියකට රුපියල් 500.00 බැගින් ලබා දුන් බවත් පසුව එය රුපියල් 1000.00ක සීමාවක් දක්වා වැඩි කර ඇති බවත් ඔවුන් නගන තවත් චෝදනාවකි.

“ඊයේ පෙට්‍රල් නෑ කියලා බොරු කියන්නේ නැතිව අපිට කිව්වනම් සේවකයන්ට විවේකයක් ඕනෑ ඒ නිසා අපි ෂෙඩ් එක වහනවා උදේට එන්න කියලා. අපි එළිවෙනකම් හරි පෝළිමේ ඉදලා තෙල් ගහගෙන යනවා. අපිට බොරු කියලා අපිව යැව්වා. අද උදේ වෙනම පිරිසකට තෙල් දෙනවා. මේවා අසාධාරණ වැඩ” යැයි ඊයේ දිනය පුරා පෝළිමේ සිට නැවත අද දිනයේත් පෝළිමට එක්ව සිටින ප්‍රදේශයේ පදිංචිකරුවකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!