spot_img
spot_imgspot_img

ජාතිවාදය වැපුරූ, කෘෂි ආර්ථිකය වැනසූ පිරිසට එරෙහිව මානව හිමිකම් ක්‍රියාමාර්ග ගනී

පුවත්

විදෙස්

ජාති සහ ආගම් බේද වපුරුවමින් ශ්‍රී ලාංකීය ජන සමාජය බේද භින්න කිරීමටත්, වැරදි තොරතුරු සමාජගත කරමින් වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය සඳහා දායක වූ පිරිසකට එරෙහිව විදෙස් තානාපති කාර්යාල දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරිකයෝ කටයුතු කරමින් සිටිති.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා, ඉරාජ් වීරරත්න ඇතුළු කණ්ඩායමක් සම්බන්ධයෙන් මෙලෙස විදෙස් රටවල් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබේ.

වඳ කොත්තු, වඳ යට ඇඳුම්, ‍වඳ පෙති පිළිබඳ විවිද අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතිවාදය සමාජගත කිරීම, වෛද්‍ය සාෆිගේ සිද්ධිය නිර්මාණය කරමින් සමාජය නොමග යවා ජාතිවාදය වැපිරීම තුලින් ඔවුන් ශ්‍රී ලංකාව විනාශය කරා ගෙන ගොස් ඇති බව පවසයි. එමෙන් ම නාථ දෙයියන්ගෙන් හෙළිකරගත් තොරතුරු යැයි පවසමින් මෙරට ගොවි ආර්ථිකය විනාශවන තරමට අසත්‍ය, පදනම් විරහිත සහ අවිද්‍යාත්මක තොරතුරු පතුරුවමින් ප්‍රචාරයක් ගෙන ගිය කණ්ඩායම් සම්බන්ධයෙන් ද ඔවුහු විදෙස් රටවල් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, අතුරලිියේ රතන හිමි, හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා සහ ඉරාජ් වීරරත්න ඇතුළු කණ්ඩායම රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

එබැවින් එම පුද්ගලයන්ට රැකවරණය, රැකියා අවස්ථාවන්, වැඩිදුර අධ්‍යාපන අවස්ථාවන් සහ ජීවත්වීම සඳහා වරප්‍රසාද නොදෙන ලෙස ඔවුහු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු යුරෝපීය සංගමයේ සියලු රටවලින් ඉල්ලා තිබේ.

මානව සංවිධාන ක්‍රියාකාරිකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සමාජය බේද බින්න කරමින්, ආර්ථිකය විනාශ කර රට අර්බුද රැසක් කරා කැඳවාගෙන යාමට මුල් වූ මෙම කණ්ඩායම රටින් පලා යාම සඳහා සූදානම්වන බැවින් එය වැළැක්වීමට මෙවැනි දැනුම්වත් කිරීමක් කරන බවයි.

මීට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරනු ලබන වෙබ් අඩවියකි. ඕනෑම පුද්ගලයකුගේ පිිළිතුරු දීමේ අයිතිය අපි සුරක්ෂිත කරන්නෙමු. එබැවින් මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් ද මේ හා සමාන වූ ඉඩක් සහිතව පළකරනු ලබන බව ද දන්වා සිටින්නෙමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!