-4.2 C
New York

බිළිඳාට වස පොවා මව පළා ගිහින්

Published:

මාස නමයක් වයසැති තම බිළිදාට වස පෙවා පලාගිය මවක් අත්අඩංගුවට ගැනීමට සොයන බව මාලිම්බඩ පොලිසිය පවසයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කන්දහේනේ පදිංංචි වයස අවුරුදු 22ක් වූ දෙදරු මවකි. ඇය සිය දරුවාට වස පෙවූ බවත්, වැඩිහමහල් දරුවාට ආදරය කරන බවත් නමුත් මේ වරදට සමාව නොදෙන ලෙසත්  දන්වා ලිපියක් ද ලියා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මාස නමයක් වයසැති වීරතුංග ආරච්චිගේ පසිඳු ප්‍රභාත් නමැති දරුවෙකි.

දරුවන් අසාමාන්‍ය ලෙස නිවසේ හඬන ශබ්දය ඇසී අසල්වාසී ඥාතීන් විසින් නිවසට පැමිණ බැලීමේ දී මියගිය දරුවා කෙදිරිගාමින් සිටින බවත් වයස අවුරුදු 03ක් වූ වැඩිමල් දරුවා හඬමින් සිටින බවත් දැක ඇත. කෙඳිරිගාමින් සිටි දරුව අකුරැස්ස රෝහලට රැගෙන ගොස් ඇතත් රෝහලට ඇතුළත් කිරීමට පෙර ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

සැමියා රැකියාවක් සොයා නිවසින් බැහැරව ගොස් සිටිය දී මව මේ අපරාධය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත.

පලාගිය මව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img