-3.6 C
New York

පර්චසයක් රුපියල් 100 ගණනේ දුම්රිය ඉඩම් බෙදන්න, බන්දුල ගුණවර්ධන සැරසෙයි

Published:

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති ඉඩම් අක්කර 14,000ක් පර්චසය රුපිියල් 100.00 බැගින් බෙදාදීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආහාර අර්බුදයට විසඳුමක් ලෙස දුම්රිය මාර්ග දෙපස ඇති රක්ෂිත ඉඩම් මෙලෙස වගාකිරීම සඳහා ලබාදෙන බවයි.

ප්‍රාදේශීය ලේකම්වරු හරහා ගොවි සමිතිවලට එම ඉඩම් පර්චසය රුපියල් 100.00ක බදු මුදලකට ලබාදීම සඳහා අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය ඉක්මණින් ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කීවේය. ඔහු පවසන්නේ අල, බතල, උඳු, කුරක්කන්, බටු සහ බණ්ඩක්කා වැනි බෝග වගා කිරීමට මෙලෙස ඉඩම් ලබාදීමට තීරණය කර ඇත.

අමාත්‍යවරයා පවසන්නේ මෙය මුදල් ඉපයීම සඳහා සිදුකරන දෙයක් නොවන බවයි. ඒ ඉඩම් තුළ කිසිම ඉදිකිරීමක් කිරීමට ඉඩ නොදෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img