-3.6 C
New York

රෝහල්වලට යැයි කියමින් ආධාර එකතු කරන, ජාවාරමක් ගැන සෞඛ්‍ය අංශ කියයි

Published:

රෝහල්වලට ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර අවශ්‍යයැයි කියමින් සිදුකරන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, රෝහල් බලධාරීන් ‍සමඟ සම්බන්ධ නොවී කිසිදු ආධාරයක් ලබා නොදෙන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලට ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර අවශ්‍ය බව කියමින් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් ආධාර එකතුකරන බවත් එවැනි ආධාර අවශ්‍යනම් ඒ බව රෝහල් බලධාරන් විසින් දැනුම් දෙන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍යඅධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පවසයි.

මෙය බරපතල ගැටලුවක් බව ද එම ප්‍රචාරයට රැවටුණු ඇතැම් ධානපතියන් රෝහලට ද කතා කර විශාල වශයෙන් ආධාර ලබාදීම හේතුවෙන් ඒවා ගබඩා කරගැනීම පවා දුෂ්කර වී ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

Related articles

Recent articles

spot_img