-3.6 C
New York

ගෑස් ගැනීමට ගිය අයකුත්, ඉන්ධන ගැනීමට ගිය අයකුත්, අවසන් ගමන් යයි

Published:

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක දී අද (16) උදෑසන හිදිසියේ ම රෝගාතුර වූ පුද්ගලයකු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හිරණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ග‍ලයෙකි. ඔහු සිය පුතු සමඟ ත්‍රී රෝද රථයට ඉන්ධන ලබාගැනීමම සඳහා පැමිණ පෝළිමේ රැඳී සිටිය දී හදිසියේ ම රෝගාතුර වී තිබේ.

මේ අතර පූගොඩ ප්‍රදේශයේ දී ගෑස් මිල දී ගැනීම සඳහා ගෑස් සිලින්ඩරයක් විල්බැරෝවක තබාගෙන ගමන් කරමින් සිටි පුද්ගලයකු ද හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.  එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුදගලයෙකි.

Related articles

Recent articles

spot_img