ඩෙංගු වසංගතය රට පුරා අධි වසංගතයක් බවට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරද්දී ඉන්ෆ්ලුවන්සා රෝගය ද පැතිරයාමේ දැඩි අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මේ වනවිට ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 14 දෙනෙකි. මෙම වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 27,454ක් වාර්තා වි ඇති අතර පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 2,302ක් වාර්තා වී තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය වඩාත් උත්සන්න වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ කලවාන ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ දී ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. සබරගමු පළලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසන්නේ ඉන් 14 දෙනකු මියගොස් ඇති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉන්ෆ්ලුවන්සා වැළඳුණු රෝගීන් 11ක් රෝහල්ගත වී ඇති අතර මැයි මාසයේ දී එම සංඛ්‍යාව 06ක් දක්වා අඩුවී තිබිණි. නමුත් ජුනි මාසයේ දී මේ දක්වා ඉන්ෆ්ලුවන්සා රෝගීන් 103 දෙනකු වාර්තා වී ඇත.
වෛද්‍ය කනන්ගර පවසන්නේ ඒ අතරින් මියගිය 14 දෙනාගෙන් 11 දෙනකු ම වයස අවුරුදු 75ට වැඩි කාන්තාවන් බවයි.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ සෑම වර්ෂයක ම මැයි, ජුනි, ජූලි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම ඉහළ යන බවයි. ඒ ගැන වසංගත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ මෙසේ පවසයි.
“සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම් සමඟ ඉන්ෆ්ලුවන්සා තත්වය දක්නට ලැබෙනවාව. නැවත දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල මේ තත්වය වැඩිවන රටාවක් හඳුනාගෙන තිබෙනවාව. වෛද්‍ය පර්යේෂණායතනය මගින් මේ වෛරසය ඉන්ෆ්ලුවන්සා ඒ බවට තහවුරු කර තිබෙනවා සාමාන්‍ය නිරෝගී පුද්ගලකුට මේ රෝගය ඇතිවුවහොත් එය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වගේ තිබිලා සුව වෙනවා. නමුත් ගර්භනී කාන්තාවන්, නිදන්ගත රෝග ඇති අය සහ වෙනත් සංකූලතා තිබෙන අයට වගේම කුඩා ළමයින්ට මේ වෛරසය ශරීරගත වුවහොත් එය තරමක් අසීරු අවස්ථාවක් විය හැකියි.”
සෞඛ්‍ය අංශ පවසන්නේ මේ සඳහා ප්‍රතිජීවක ලබාදෙන බවයි.
ඉන්ෆ්ලුවන්සා රෝගය හඳුනාගත හැකිවන්නේ සෙම් පටල පරීක්ෂාවකිනි. එබැවින් සෙම පැටලීම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනිි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.