විදේශ රැකියා නියෝජිත ආයතනය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කටයුතු කළේය.
ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස විදේශ රැකියා ක්ෂේත්‍රයේ කාලයක සිට නිරතව සිටි සුරාජ් රන්දෙණිය පත්කර ඇති අතර ඔහු විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයෙ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ අයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා ආයේාජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.
ව්‍යාපාපර ප්‍රවර්ධන සහ අළෙවිකරණයේ ප්‍රවීණයකු වන උදය සමරවීර, නාවික ඉංජිනේරු අජිත් ජයරත්න, නිතිඥ සමින්ද ජයසේකර, අළෙවිකරණ සම්බන්ධ ප්‍රවීණයකුවන ධම්මික විජේරත්න මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත්කර තිබේ.
අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන්නේ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධන සඳහා රජය කඩිනම් සැළැස්මක් සකස්කරමින් සිටින බවයි. විදේශ රැකියාවල යෙදීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට ඒ සඳහා හැකි උපරිම අවස්ථාවක් ලබා දී ශ්‍රී ලංකාවට විදේශ විනිමය කඩිනමින් ලබා ගැනීමේ විධිමත් සහ තිරසාර වැඩපිළිවෙලක් සකස් කරන බව ද අමාත්‍යවයරා මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීමේ ලිපි බාර දෙන අවස්ථාවේ දී කියා සිටියේය.