ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නම් කර සිටියි.
එමගින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කළ හැකි වන්නේ මහ මැතිවරණය සඳහා ඉදිරපත් කළ ජාතික ලැයිස්තුවේ හෝ දිස්ත්‍රික් පදනම යටතේ හෝ නම් සඳහන් වූ මන්ත්‍රීවරයකු පමණක් බවයි. එබැවින් ඔහු පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ද පෙත්සම මගින් පෙන්වා දී ඇත.
ධම්මික පෙරේරා සමාගම් රැසක හිමිකාරීත්වයක් දරන ක්ෂේත්‍ර රැසක ව්‍යාපාරවල නිරත අයකු බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පත්වීම සහ ඒ හරහා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් පත්වීමෙන් දැඩි පක්ෂග්‍රාහීබවක් නිර්මාණය විය හැකි බවත් පෙපත්සමෙහි සඳහන් වෙයි.
එබැවින් මෙම පත්කිරීම තුළින් සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන සැළකිලි ලැබීමට ඇති මූලික අයිතිය ඇතුලු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි තීන්දුවක් ලබා දෙන ලෙස එම වැඩිදුරටත් ඉල්ලා ඇත.