කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 11,524 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,120ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 116කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,772ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 205
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 151
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 78
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
- මුලර්ස් සමාගම කොටස් මිලියන 3.9
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 3.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්.එන්.බී. ලීසිං සමාගම (X) 50%
- මුලර්ස් සමාගම 33%
- ඩයලොග් ෆිනෑන්ස් සමාගම 24%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 227
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 172
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 155ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 161කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 06ක මුදලක් අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රම්බොඩ ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 9.8
- ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 1.6
- ඇස්කොට් සමාගම රුපියල් මිලියන 1.5
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 05
- ඩයලොග් ආසියාට සමාගම රුපියල් මිලියන 2.6
- ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 2.2
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ