යාපනයේ කල්ලුණ්ඩායි කලපුව ප්‍රදේශයේ මුහුදු ජලය ගැලීම හේතුවෙන් පවුල් 87 ක පුද්ගලයන් 310ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙය සෑම වර්ෂයකම සෘතුමය සංසිද්ධියක් වුව ද මෙවර ජලය ගැලීම වෙනත් වර්ෂවලට සාපේක්ෂව වැඩි වී ඇතැයි සන්දිල්ප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පවසයි. මුහුදු ජලය ගොඩගැලීම වැළැක්වීම සඳහා යොදා ඇති පස් බැමි හානියට පත්වී තිබීම හේතුවෙන් මුහුදු ජලය වැඩි ප්‍රමාණයක් නිවාස පිහිටි ප්‍රදේශලට ගලා ගොස් ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන්නේ පීඩාවට පත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් සහන සැළසිම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවයි.