spot_imgspot_img

දුම්රිය ගාස්තු පස් ගුණයකින් පමණ වැඩි වෙයි ?

පුවත්

විදෙස්

දුම්රිය ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් රජය විසින් තිරණයක් ගෙන ඒ බව දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවේ අද (15) අදහස් දක්වමිනි.

සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ ඩීසල් ඇතුළු සියලු දේ මිල ඉහළ යාම හේතුවෙන් දුම්රිය ධාවන වියදම් ද අධිික වී ඇති බවයි. එබැවින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසයි.

“මේ වනවිට රටේ ප්‍රවාහන සේවා සැළකුවාම දුම්රිය සේවා සඳහා අයකරන්නේ බස් ගාස්තුවෙන් 20%ක් හෝ 24%ක ප්‍රමාණයක්.  පමණයි. සියලු දේ මිල වැඩි වෙලා. මේ නිසා අපේ වියදම් විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. නමුත් ආදායම් වැිවීමක් නැහැ. මේ සේවාව පවත්වාගෙන යන්නේ ඉතා අඩු මුදලකට. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනීවි කියලා.”

සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසන ආකාරයට දුම්රිය ගාස්තු බස් ගාස්තු සමඟ සමපාත කරන්නේ නම් දුම්රිය ගාස්තු දැන් පවතින ගාස්තුවට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි වීමට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!