-5.9 C
New York

රෝහල් බිමේ වළ දැමූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් හමුවෙයි

Published:

නාවලපිටිය රෝහල් භූමියේ වළ දමා තිබූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් පිළිබඳ නාවලපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය දිනක මෘත ශරීරාගාරය පිටුපස එහි සේවකයකු විසින් වළක් කපා කිසියම් දෙයක් වළ දැමූ බවට රෝහලේ ආරක්ෂක අංශයට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂා කිරිමේ දී මේ මල සිරුරු හමුවී තිබේ.

ඒ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ දින 72ක් වයසැතිව මියගිය සහන්‍යා නමැති දැරියකගේ මළ සිරුරක් සමඟ තවත් දරු කලල දෙකක් වළ දමා ඇති බවයි.

එම දැරිය ගලගොඩ දුම්රිය නිවාසයක පදිංචි යුවළකගේ දරුවෙකි. එම මරණය සම්බන්ධයෙන් පස්බාගේ කෝරළේ හදිසි මරණ පරීක්ෂක මල්ලිකා හේවාරත්න විසින් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දරුවාට උපතේදීම තිබූ රෝග හේතුවෙන් මරණය සිදුව ඇතැයි තීන්දුකර එම සිරුර නාවලපිටි නගර සභා පොදු සුසානභූමියේ දී භූමදාන කිරීමට අවසර දී තිබී ඇත.

එම නියෝගය නොතකමින් මෙලෙස රෝහලේ මෘත ශරීරාගාරය පිටුපස සිරුර වළ දමා තිබී සොයා ගැණිනි. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සඳහන් කරන්නෙන් මියගිය දරුවාගේ පියා සිරුර රැගෙන යාමට සූදානම් වෙද්දී මෘත ශරීරාගාර සේවකයා එම සිරුර සම්බන්ධ අවසන් කටයුතු තමන්ට පහසුවෙන් කළ හැකියැයි පවසා ඇති බවයි.

ඒ අනුව මියගිය දරුවාගේ පියා විසින් මෘත ශරීරාගාර සේවකයාට රුපියල් 10,000.00ක මුදලක් ලබාදී ඇතැයි ද අනාවරණය වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

Related articles

Recent articles

spot_img