-2.5 C
New York

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි. නියෝජ්‍ය සභාපතිට වගකීම් පැවරෙයි

Published:

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පසුගිය දා කෝප් කමිටුවේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර එම ප්‍රකාශය අසත්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කිරීමෙන් පසු සභාපතිවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බව ද කීවේය.

අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති නලින්ද ඉලංගකෝන් නව සභාපතිවරයා‍ ලෙස පත්කරන බවයි.

Related articles

Recent articles

spot_img