spot_img
spot_imgspot_img

ආගමික නායකයෙක් සහ දේශපාලකයකුගේ ගෑස් මාෆියාවක් නිසා රටේ ජනතාව අමාරුවේ ?

පුවත්

විදෙස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා අසීරුතාවට පත්වන්නේ මෙරට ඉතාමත් ප්‍රකට ආගමික නායකයකු සහ දේශපාලන පිල්මාරු කරන්නකුගේ අවශ්‍යතාව මත බව rata.lk වෙත වාර්තා වෙයි.

රජය සතු සමාගමක් වන ලිට්‍රෝ සමාගමට ගෑස් සපයා ඇත්තේ එක්තරා රටක නමකින් හැඳින්වෙන සමාගමක් විසිනි. මෙම ගෑස් සැපයීමේ ව්‍යාපාරය පිටුපස සුදෝ සුදු චරිතයක් ලෙස ප්‍රකට ආගමික නායකයෙක් සහ ඔහු සමඟ ඉතාමත් සමීප සම්බන්ධතා පවත්වන කෝටිපති ව්‍යාපාරික පවුලක, පිල්මාරුවට ප්‍රසිද්ධ දේශපාලනඥයකු ද සිටියි.

අපට වාර්තාවන පරිදි ඔවුන් දෙදෙනා සතු විදේශ රටක නමකින් හැඳින්වෙන සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් එකකින් ලැබෙන ලාභය ඩොලර් 30කි. ශ්‍රී ලංකාවට මාසිකව අවම වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වා ඇති අතර ඒ අනුව මාසික ලාභය ඩොලර් ලක්ෂ 09කි. වාර්ෂික ලාභය ඩොලර් මිලියන 10.2කි.

මේ වනවිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 7,000.00 ඉක්මවා ඇතත් සාමාන්‍ය ගෑස් වෙළෙඳ පොළ අනුව ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට රුපියල් 3,500.00ක් වැනි මුදලකට ගෑස් සහිත සිලින්ඩරයක් ලබා දිය හැකියාව ඇත. නමුත් මොවුන් විසින් පවත්වාගෙන යන ගෑස් ඒකාධිකාරිය හමුවේ පාරිභෝගිකයාට දැරිය නොහැකි තරමට ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දමා ඇත.

ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ ලොව ප්‍රකට සමාගම් අතරින් එක් සමාගමක් ශ්‍රී ලංකාවේ ‍රුපියල්වලට ගෑස් සැපයීමට එකඟතාව ප්‍රකාශ කර තිබේ.

අපට වාර්තාවන පරිදි එම සමාගම මෙරට බලශක්තිය සම්බන්ධයෙන් ආයෝජනය කිරීම සඳහා ද රජය සමඟ එකඟ වී තිබේ.

ඒ අනුව ඉදිරියේ දී පාරිභෝගිකයන්ට අඩු මිලට ගෑස් ලැබෙන්නේ නම් තම ව්‍යාපාරය බිඳ වැටෙනු ඇතැයි බියට පත් වූ සුදෝ සුදු පිරුවට පොරවාගත් ආගමික නායකයා සහ පැතිමාරු දේශපාලකයා දැන් වියරු වැටී සිටියි.

ඔවුන් මේ වනවිට රුපියල්වලට ගෑස් මිල දී ගැනීම නවතා ඩොලර්වලට ගෑස් මිල දී ගැනීමේ ක්‍රමවේදයම දිගටම පවත්වාගෙන යාමට උත්සාහ ගනිමින් සිටියි. ඒ ඔවුන්ට ලැබෙන ඩොලර් ලාභය හේතුවෙනි. ඒ වෙනුවෙන් විශාල කොමිස් මුදලක් ලබාදීමට ද සැළසුම් සකස් කර ඇත.

ගෑස් ගනුදෙනුව සිදුවන්නේ සාමාන්‍ය වෙළෙඳ පොළෙහි ගෑස් මෙට්‍රික් ටොන් එකක මිලට රක්ෂණ ගාස්තු, නැව් ගාස්තු ආදිය එකතුවී එය ද ඇතුළත කිරීමෙන්. මේ වනවිට දැනට ගෑස් ශ්‍රී ලංකාවට සපයන සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා එවැනි අමතර ගාස්තු ලෙස ඩොලර් 140ක් එකතු කරනු ලබයි. නමුත් එහි නියම ගෙවීම වන්නේ ඩොලර් 85කි. ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකකින් හොර පාරේ යන මුදල ඩොලර් 85කි

මේ මුදල් ගෙවීමට සිදුව ඇත්තේ ඒ කිසිවක් නොදන්නා අහිංසක ශ්‍රී ලාංකික ජනතාවටයි.

රජයේ ද මැදිහත්වීමෙන් සිදුකෙරුණු සාකච්ඡා අනුව රුපියල්වලින් ගෑස් සඳහා ගෙවීම වළක්වැක්වීමට එම ආගමික නායකයා සහ දේශපලානඥයා දරන උත්සාහය සාර්ථක වී දිගටම ඩොලර්වලින් ගෙවීමට සිදුවුවහොත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ජූලි මාසය වනවිට රුපියල් 10,000.00 ඉක්මවා යාම වැළැක්විය නොහැකි වනු ඇත.

පසුගිය කාලයේ බොහෝ ජනප්‍රිය වූ මේ ආගමික නායකයන් මිනිසුන් අමාරුවේ දමමින් ලාභ ලබන ගෑස් ඒකාධිකාරියක් පවත්වාගෙන යන්නේ ආගමික පිරුවටයට මුවා වෙමිනි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!