-2.5 C
New York

සිල්ලර කඩේ එළවළු ගිනි ගණනට යද්දී, තොග වෙළෙඳ මධ්‍යස්ථානවල එළවළු කුණු ලොරියට පටවයි

Published:

සමාන්‍ය පාරිභෝගියන්ට එළවළු අධික මිලකට ගැනීමට සිදුව ඇතත් එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානවලින් දෛනිව එළවළු විශාල ප්‍රමාණයක් කසළ ලෙස ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

තොග වෙළෙන්දන් පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් එළවළු තොග මිල දී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මෙය සිදුව ඇති බවයි.

එළවළු වෙළෙන්දන් පවසන්නේ මේ සම්බන්ධයේ රජය කිසියම් වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැතිනම් විසඳාගත හැකිව තිබෙන ආහාර අර්බුදය තවත් උග්‍රවනු ඇති බවයි.

වගාකරන වෙළෙන්දන් දඹුල්ල වැනිි තොඟ වෙළෙඳ මධ්‍යස්ථානවලට එළවළු ගෙන ආව ද ඒවා රටපුරා බෙදා හරිනු ලබන වෙළෙන්දන්ට ඩීසල් ලබාගැනීමට නොහැකිවීම නිසා එළවළු එවැනි මධ්‍යස්ථානවල තොග පිටින් විනාශ වෙමින් තිබේ. අනෙකුත් සිල්ලර කඩවලට එළවළු නොලැබීම හේතුවෙන් සුළු වශයෙන් හෝ ලැබෙන එළවළුවල මිල ඉහළයාම සිදුවේ. මේ හේතුවෙන් අස්වැන්න නිසි පිරිදි බෙදාහැරීමේ ක්‍රමවේදයක් නොමැතිවීම නිසා එළවළු මිල ඉහළ යාම සහ ප්‍රමාණවත් එළවළු පාරිභෝගිකයන්ට නොලැබීමේ ගැටලුවක් හටගෙන ඇත.

මෙය රජය විසින් වහාම විසඳුම් ලබාදිය යුතු ගැටලුවකි.

Related articles

Recent articles

spot_img