-1.6 C
New York

කරාපිටිය රෝහලේ ගිලන්රථ ‍කිසිවක ඉන්ධන නෑ. රෝහලම දැඩි අර්බුදයක

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ ගිලන්රථ කිසිවක් සඳහා මේ වනවිට ඩීසල් නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියකු වෙනත් රෝහලකට මාරුකර යැවීම ඇතුළු රෝහලේ කටයුතු රැසකට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

මීට මාසයකට පමණ පෙර රුපියල් ලක්ෂ 20ක මුදලක් ගාල්ලේ ඉන්ධන පිරවුම්හල් සඳහා ගෙවීමට නියමිතව තිබූ බැවින් එම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීම ප්‍රතිික්ෂේප කෙරිණි. නමුත් එම අවස්ථාවේ දී ඒ සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් ගෙවා ගැටලුව සමථයකට පත්කරගෙන තිබිණි.

නමුත් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සඳහා ඉන්ධන නොලැබෙන අතර කිසිදු ගිලන්රථයක ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නැත.

Related articles

Recent articles

spot_img