විෂබීජ නාශක විකුණූ ගාල්ලේ තරුණයකු ආසාදිතයි

0
994

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ හොරගම්පිටියේ තරුණයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම තරුණයා පසුගිය 26 දා කොරෝනා රෝගලක්ෂණ පෙන්වීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිතයකු බව තහවුරු වී තිබේ. ඔහු පුද්ගලික ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන අතර අළුත්ගම  සිට තිස්සමහාරාමය දක්වා විෂබීජ නාශක දියර අළෙවි කරන්නකු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තරුණයාගේ ආශ්‍රිතයන් බවට පත්වූ විහාරස්ථානයක හිමිවරු පස් දෙනකු, ගිහි පුද්ගලයන් දෙදෙනකු හා ඔහුගේ නිවස ඇතුළු නිවාස හතරක පුද්ගලයන් 18 දෙනකු වශයෙන් 25ක පිරිසක් නිරෝධායනයට ලක්කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here