6.8 C
New York

ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

Published:

කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ධම්මික පෙරේරාගේ නිවස අසළ අද (12) පිරිසක් උද්ඝෝෂණයක් ආරම්බ කළහ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමෙන් පසු ඊට විරෝධය පළකරමින් මේ උද්ඝෝෂණය ආරම්භ කර තිබේ.

සමාගම් රැසක හිමිකරුවකු වන ව්‍යාපාරික ධම්මික පෙරේරා බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවත්, රතු පස්වල වෙඩි තැබීමට ඔහු වගකිව යුතු බවත් උද්ඝෝෂකයෝ කියති. එමෙන් ම ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවට රසායනික අපද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බව ද එබැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් නොරන්න යැයි ද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.

Related articles

Recent articles

spot_img