spot_img
spot_imgspot_img

විහින් දාගත් නඩු නීතිපතිගෙන් හංඟා, හිතවත් නීතිඥයන්ට ලක්ෂ ගණන් ගෙවන දකුණේ මාර්ග සංවර්ධන ලොක්කෝ

පුවත්

විදෙස්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට එදිරිව කොළඹ කාර්මික අධිකරණයේ පැවැත්වෙන සිවිල් නඩුවක් සඳහා පුද්ගලික නීතිඥයන්ට ගෙවීම් සිදුකිරීම සඳහා රජයේ මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කර ඇතැයි වාර්තා වේ.

කොළඹ කාර්මික අධිකරණයේ A/3609 අංක දරණ මෙම නඩුව සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටින්නේ රජයේ නීතිඥයෙක් නොව පුද්ලික නීතිඥයෙකි. ඔහු වෙනුවෙන් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියක් නොමැතිව රුපියල් 135,000.00ක මුදලක් ගෙවා ඇත. මෙම මුදල ගෙවීමට පෙර වෙනත් නීතිඥවරුන්ට මීට පෙර රුපියල් 100,000.00 සහ රුපියල් 25,000.00ක් ගෙවා ඇති බව ද දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලේඛන පරීක්ෂා කිරීමේ දී පෙනී යයි.

නමුත් යම් රජයේ නිලධාරියකුට එදිරිව පවරනු ලබන් සිවිල් නඩුවක දී වගඋත්තර කීමට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් නොවන්නේ නම් එම නිලධාරියා තමගේ නීතිඥයන් මාර්ගයෙන් වගඋත්තර කීමට කටයුතු කරන්නේ නම් රජයේ මුදල් වියදම් කිරීඹට කිසිදු අවසරයක් නැත.

ආයතන සංග්‍රහයේ xxxiii පරිච්ඡේදයේ 6.4 වගන්තියේ ඒ බව දැක්වෙයි.

අපට වාර්තාවන පරිදි එම නඩුව සම්බන්ධයෙන් වගඋත්තර කීමට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් හෝ නොකර ආයතනයේ ඉහළම නිලධාරීන් තම අභිමතය පරිදි පුද්ගලික නීතිඥයන්ට හිතුමතයට රජයේ මුදල් ගෙවා සේවාව ලබාගැනීම සිදුකරයි.

මෙය රජයේ මුදල් අවභාවිතයකි.

මෙම මුදල් අවභාවිතය ගැන දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට මාර්ග සංවර්ධන අධිකාරියේ ම නිලධාරීන් විසින් ලිඛිතව පැමිණිලි කර ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක්‍ ගෙන නැත.

(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරන වෙබ් අඩවියකි. ඕනෑම අයකුට පිළිතුරු දීමේ අයිතිය ද සුරක්ෂිත කර ඇත. මෙම පුවත සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ යම් ආයතනයකට හෝ යම් පාර්ශවයකට හෝ අගතියක් සිදුවන්නේ යැයි හැ‍ඟෙන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිළි කිරීම් ද මේ හා සමාන ඉඩක් ලබා දී පළකිරීමට කටයුතු කරන බව දන්වා සිටිමු.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!