6.8 C
New York

මෙහෙණියක්, කඳුළු ගෑස් හමුවේ දැක්වූ වි‍රෝධය

Published:

කොළඹ පොලිස් මූලස්ථානය අසළ ඊයේ (09) පැවැති උද්ඝෝෂණයේ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම අවස්ථාවේ දී පොලිස් බාධක ඉදිරියට ආ මෙහෙණින් වහන්සේ නමක් එම ස්ථානයේ මහ මග වාඩීවි නොසෙල් වී සිටි අතර පසුව කඳුළු ගෑස් ප්‍රහාරය දරාගත නොහැකිව ඇද වැටුණු බව මාධ්‍යවේදී තිළිණ අලහකෝන් පවසයි.

ඇද වැටුණු මෙහෙණින් වහන්සේ අසීරුවේ නැගී සිටිය ද නැවත ඇද වැටුණු බවත් මේ අවස්ථාවේ කඳුළු ගෑස් ප්‍රහාරය උසුලාගත නොහැකි තත්වයට පත්ව සිටි තිළිණ අලහකෝන් අසළ ඇති හෝටලයකට දිව ගොස් මේ මෙහෙණිය බේරාගන්න යැයි කෑ ගැසූ බවත් පවසයි.

ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ උද්ඝෝෂකයන් පිරිසක් මෙහෙණින් වහන්සේ රැගෙන විත් ජලයෙන් නහවා අපහසුතා සමනයට පත්කිරීමට උත්සාහ ගත් බව ද ඔහු තම ෆේස්බුක් ගිනුමේ සටහන් කර ඇත. දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙමින් සිටි මෙහෙණින් වහන්සේ බේරාගැනීම තවත් සුළු මොහොතක් හෝ ප්‍රමාද වූවානම් සිදුවන්නේ අනර්ථයකි.

ඡායාරූප  – ලහිරු හර්ෂණ

මාධ්‍යවේදී තිළිණ අලහකෝන් විසින් ඉදිරිපත් කරන ලද සජීවී දර්ශන පහතින් ඇත

Related articles

Recent articles

spot_img