1.6 C
New York

පදිකයින් වෙත මෝටර් රථයක් කඩා වැදී එක් අයෙකු මරුට

Published:

ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක ගමන්ගත් ජනතාව වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් 12දෙනකු පමණ තුවාල ලබා තිබේ. දේශීය වේලාවෙන් 10:30 ට (GMT 08:30) සිදු වූ මෙම සිදුවීම හිතාමතා සිදු වූවක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න අපැහැදිලි බව හදිසි නිලධාරීහු පවසති.

පොලිස් ප්‍රකාශකයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ රථය ධාවනය කළ 29 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බවයි.

මෙම අනතුර සිදු වූයේ බටහිර බර්ලිනයේ කාර්යබහුලම කඩ වීදියක ය.

“තුවාල ලැබූ දුසිමකට වැඩි පිරිසක් අතර බරපතල තුවාල ලැබූවන් සිටින බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශක තිලෝ කැබ්ලිට්ස් පැවසීය.

ජර්මානු සහ ආර්මේනියානු ද්විත්ව පුරවැසිභාවය ඇති බර්ලිනයේ වෙසෙන මෙම රියදුරා මුලින් ම මගීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වාර්තා පවසන්නේ වාහනය පාරෙන් ඉවතට පැන පදික වේදිකාවට නැඟීමෙන් පසු වෙළඳසැලක ගැටී ඇති බවයි.

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ 2016 වසරේ නත්තල් පොළකදී ට්‍රක් රථයක් ජනතාව අතරට හිතාමතා ධාවනය කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගිය Breitscheidplatz ඉදිරිපිටයි. සරණාගතයෙකු විසින් සිදු කරන ලද මෙම ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් පසුව භාර ගන්නා ලදී. ප්‍රහාරකයා පසුව ඉතාලි පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

https://www.bbc.com/news/world-europe-61729102

Related articles

Recent articles

spot_img