spot_img
spot_imgspot_img

රටේ අගමැති කවුදැයි නොදන්නා, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා රජය මගින් පවත්වාගෙන යන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඇත්තේ වැරදි තොරතුරකි.

එහි සඳහන් මුදල් අමාත්‍යාංශයේ තොරතුරු වෙත ප්‍රවේශ වූ විට මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යනුවෙනි. නමුත් දක්වා ඇති ඡායාරූපයේ දක්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයකි.

මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ කලකට ඉහත සිටි අතර ඉන්පසු ඔහු ඉන් ඉවත්ව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. පසුව සිදුකරන ලද කැබිනට් සංශෝධනයකින් අලි සබ්රි මුදල් අමාත්‍යධූරය දැරූ අතර ඉන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යධූරයට පත්වූයේය.

තවමත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය යාවත්කාලීන වී නැත. අවම වශයෙන් මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන ICTA ආයතනයේ වෙබ් නිර්මාණකරුවන් සහ තාක්ෂණවේදීන් රටේ අගමැතිවරයාගේ රූපයවත් දන්නේ නැත. මෙවැනි රාජ්‍යයක් බංකොලොත් වීම අරුමයක් නොවේ.  

පහත සඳහන් කර ඇති Screen Shot ලබාගත්තේ අද 2022-06-07 රාත්‍රී 8.17 ට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!