රුසියාවෙන් ශ්‍රී ලංකාවට අඩු මිලට බොරතෙල් ලැබෙන බවත්, බොරතෙල් සහිත රුසියන් නැව් මිල දී නොගෙන රජය වැඩි මිලට තෙල් ගන්නා බවත් පවසමින් කළ ප්‍රචාරය බොරුවක් යැයිි ඛනිිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඔහු කියා සිටියේ එක්තරා ජාතික පුවත්පතක් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති තුනක් පළකර තිබුණු බවයි. නමුත් එ් පිළිබඳ සොයා බැලීමේ දී රුසියාවෙන් එවැනි දැනුම් දීමක් කර නොතිබූ බවත් ඔවුන් බොරතෙල් දීමට සූදානමක් නොවූ බවත් ඇමතිවරයා කීවේය.
මේ හේතුවෙන් එවැනි සාවද්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී පරීක්ෂණයක් කරන්න යැයි කියා අදාල නීතිමය කටයුතු කරන බවට අදාල පුවත්පතට දැනුම් දුන් බව ද ඔහු ප්‍රකාශ කළේය.
“අපි මේ ක්‍රියාමාර්ග ගත්තාම අදාල පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා මට පුද්ගලිකව ම කතා කළා. ඔහු කීවා ඒ ප්‍රවෘත්තිය ලියූ ලේඛකයාට වැරදි තොරතුරක් ලැබිලා ඒ නිසා ප්‍රවෘත්තියේ වැරැද්දක් තියෙනවා. ඒ නිසා නීතිමය ක්‍රියාමාර්ග ගැන නැවත සිතා බලන්න කියා.”
අමැතිවරයා වැඩිදුරටත් කීවේය.
රුසියාවෙන් අඩු මුදලට තෙල් ලැබෙන කතාව විවිධ පාර්ශව විසින් අප වෙබ් අඩවිය වෙත ද එවා තිබූ නමුත් එය තහවුරුකර ගත නොහැකි වූ බැවින් එම පුවත අප rata.lk වෙබ් අඩවියේ පළ කළේ නැත.
දිවයින පත්තරේ ඕකා අතේ රෝල් පප්පා.