spot_img
spot_imgspot_img

රන්ජන්ට තවත් සිරදඬුවමක් නියම වෙයි

පුවත්

විදෙස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට එල්ල වී තිබූ අධිකරණයට අපහාස කිරිමේ දෙවැනි චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවමක් නියමකර එය වසර 05කට අත්හිටුවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (07) නියෝග කළේය.

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. 2018 වර්ෂයේ දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච විනිසුරු මඩුල්ල පිළිබඳ රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමානයක දැක්වූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව එම පැමිණිල්ල මගින් චෝදනා කර තිබිණි.

මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි මීට පෙර රන්ජන් රාමනායක ප්‍රකාශ කළ අතර පසුගිය මාර්තු මාසයේ දී නැවත නඩුව කැඳවූ අවස්ථාවේ දී ඔහු තමන් වරදකරු යැයි පිළිගනිමින් ඒ සඳහා ලිහල් දඬුවමක් නියම කරන ලෙස නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි.

අද ලබාදුන් තීන්දුව අනුව වසර පහක කාලයක් තුළ රන්ජන් රාමනායක වෙනත් වරදකට වරදකරු වුවහොත් මෙම වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක වන බව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ විවෘත අධිකරණයේ දී රන්ජන් රාමනායකට පැහැදිළි කර දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!