spot_img
spot_imgspot_img

රාජපක්ෂ ආණ්ඩුව චීනය, ජපානය සහ ඉන්දියාවත් තරහ කරගත් හැටි අගමැති කියයි

පුවත්

විදෙස්

2019 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ රජය ශ්‍රී ලංංකාවට වඩාත් හිතවත්ව සිටි චීනය, ජපානය සහ ඉන්දියාව පවා විරසක කරගෙන ඇතැයි ද ආර්ථික අර්බුදයට එයත් හේතුවක් වී ඇතැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

අගමැතිවරයා එහි දී කියා සිටියේ චීන සමූහාණ්ඩුව විශාල ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඒ ලබාදීමටනම් මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත ශ්‍රී ලංකාව සතුව තිබිය යුතුයැයි කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අවස්ථාවේ දී මෙරට ආර්ථිකය පාලනය කළ පුද්ගලයන් රටතුළ මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත නැති බව දැන දැනම චීනයට වැරදි තොරතුරු ලබා දී ම නිසා චීනය එම ණය මුදල අනුමත කර නැති බවත්, ඒ සමඟම චීනයේ හොඳ හිත පළුදු වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහි දී‍ පෙන්වා දුන්නේය.

බලාපොරොත්තු වූ චීන ණය මුදල වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමිවීම ද මෙරට ආර්ථික අර්බුදයට එක් හේතුවකි.

ජපානය විසින   ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ලබා දී තිබිය දී කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින් හිටි හැටියේ එම ව්‍යාපෘති නවතා දැමීමෙන් ශ්‍රී ලංකාවට මුදල් අහිමිවීම පමණක් නොව හැමදාමත් උදව්කළ ජපානය විරසක වීම ද සිදුව ඇතැයි අගමැතිවරයා සිය ප්‍රකාශය කරමින් පෙන්වාදුන්නේය.

මේ එත ජපානය සහ ඉන්දියාව මෙරටට LNG විදුලි බලාගාර දෙකක් ලබාදීමට සියල්ල සැළසුම් කර තිබිය දී එම ව්‍යාපෘති විදුලි බල මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් ශ්‍රී ලංකාව සමඟ ජපානය සහ ඉන්දියාව විරසක වීමට හේතුවක් බව අගමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව අද පත්ව ඇති ආර්ථක අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාව දැනටමත් උදව් කරනබවත් ජපානය සහ චීනය සමඟ උදව් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් අගමැතිවරයා කියා සිටියේය.

අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එලෙස ඇතැම් ව්‍යාපෘති නවතා දැමීම සහ ව්‍යාපෘති පවත්වාගෙන යාම සඳහා උනන්දු නොවීමට හේතු සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් විශේෂ විමර්ශනයක් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!