spot_img
spot_imgspot_img

මෙරට ලක්ෂ ගණනකට රැකියා අහිමිවෙයි ?

පුවත්

විදෙස්

රැකියා අහිමි වී ජනතාව පාරට වැටීමේ දැඩි අවදානමක් පවතින බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

විශේෂයෙන් ම කම්කරුවන් වැනි එදිනෙදා රැකියාවල නිරතවන පුද්ගලයන් සහ සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයන් සමඟ රැකියාවේ නිරත පුද්ගලයන් රැකියා අහිමිවීමේ අවදානම වැඩිම පිරිස බව හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අතරින් 75%ක් ම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වන අතර මෙරට සේවයේ නියුක්ත පුද්ගලයන්ගෙන් 45%ක් ම එමගින් සිය ජීවන වෘත්තිය සපයා ගනී.

බස් රථවල පළතුරු, පොත්, විසිතුරු භාණ්ඩ, රටකජු වැනි ආහාර ද්‍රව්‍ය අළෙවි කරන්නාගේ සිට කුඩා පරිමාණයේ කර්මාන්තශාලා පවත්වාගෙන යන පුද්ගලයා දක්වා ද කුලී වැඩට යන පුද්ගයන් ද රැකියා අහිවිවීමේ දැඩි අවධානමකට ලක්ව සිටියි.

ශ්‍රී ලංකාව තුළ මැයි මාසයේ පමණක් උද්ධමනය 39.1%ක් වූ අතර මැයි මාසයේ ආහාර උද්ධමනය 57.4%කි. මෙය ඉතාමත් බරපතල තත්වයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය බලපෑම් ඇතිවන බවයි. මේ නිසා ආනයනය සීමා වී අපනයනයත් සීමා වේ. එමෙන් ම ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාව අත්‍යාවශ්‍ය ම ආහාර ද්‍රව්‍ය හැර වෙනත් කිසිම දෙයක් මිල දී ගැනීමට උත්සුක නොවීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ඇණ හිටී.

කම්කරු රැකියාවන්හි නිරතවන නුපුහුණු සේවකයන්ට පළමුවෙන් ම රැකියාව අහිමිවන අතර ඉන් පසු සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට තම සේවකයන් සඳහා වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ රැකියාව අහිමිවීම ද සිදුවනු ඇත.

ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිවීම, සිමෙන්ති සහ යකඩ ඇතුළු අමද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම මෙන් ම සියලු සංවර්ධන ව්‍යාපාති නවතා දැමීම හේතුවෙන් දැනටමත් රට පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූ පුද්ගලයන් රැසකට රැකියා අවස්ථා අහිමි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!