spot_img
spot_imgspot_img

අනුන්ගේ පරිසර උත්සවයකට, “රාජ්‍ය” ලේබලය අලවන්න ගිය පරිසර අමාත්‍යාංශය

පුවත්

විදෙස්

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජගත් පරිසර දිනයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික උත්සවය යැයි කියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රචාරයක් ඉල්ලා ඇත්තේ වෙනත් සංවිධානයකින් සැළසුම් කරන ලද උත්සයකට බව හෙළි වී ඇත.

මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ හෙල්ප් ඕ නමැති රාජ්‍ය නොවන සංවිධානය විසිනි. එම සංවිධානය ගෝලීය පාරිසරික උපායමාර්ගික ආයතනය (IGES), නෝර්වේජියානු සහයෝගීතාවය (Narad), මධ්‍යම පරිසර අධිකාරි, දකුණු පළාත් සභාව සහ ගාල්ල මහ නගර සභාව එක්ව “ප්ලාස්ටික් තොර හරිත නගරයක් බවට ගාල්ල පත්කිරීමේ” ව්‍යාපෘතියේ ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන ජගත් පාරිසරික දිනයේ සංවිධානය කර තිබිණි.

එය වෙරළ ආශ්‍රිත ප්ලාස්ටික් ඉවත්කිරීමේ ක්‍රියාකාරකමක්, පසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරීමේ දේශනයක් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සහිතව සංවිධානය කර තිබුණු අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඒ සඳහා ලැබී තිබිණි. මේ වැඩසටන එළිමහෙන් සංවිධානය කිරීමට කලින් සැළසුම් කර තිබුණ ද වැසි සහිත කාලගුණිික තත්වය හේතුවෙන් එය හෝල්ඩි ගෝල් ශාලාවට රැගෙන ඒමට පසුව තීරණය විය.

මේ වැඩසටහන සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක් ම රාජ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වය සහිතව රැස්වීම් ගණනාවක් පැවැත්වූ අතර එය රාජ්‍ය උත්සවයක් ලෙස නම්කරන ලද්දේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ නැවත එම අමාත්‍යාංශයට පත්කිරීමෙන් අනතුරුවය.

ඉන් පසු පැවැත්වූ රැස්වීමක දී ගාල්ලේ රාජ්‍ය ආයතනයක මුල් පුටුව හොඹවන නිලධාරිනියක් තමන්ට මේ පිළිබඳ දැනුම් දී නැතැයි ද රාජ්‍ය උත්සව මේ ආකාරයෙන් සංවිධානය කළ නොහැකියැයි ද කියමින් ඒ වනවිට උත්සවයේ සංවිධාන කටයුතු සිදුකළ පාර්ශව කිහිපයකට ම දෝෂාරෝපණය කර තිබිණි. ඇය එලෙස චෝදනා කර ඇත්තේ Zoom යෙදුම භාවිතයෙන් පැවැති රැස්වීමක දී ය. වට්ස්ඇප් පණිවිඩ එවලා මට කියලා වැඩක් නෑ. කතාකරලා කියන්න තිබුණා යැයි ද ඇය පවසා තිබිණි.

අවසානයේ මේ උත්සවයෙන් “රාජ්‍ය” යන කෑල්ල හැලී ගියේය. අමාත්‍යාංශ ලේකම් විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පවා ඉල්ලීම් කරමින් රාජ්‍ය උත්සවයට මාධ්‍ය ආවරණනය ලබා දෙන ලෙස කියා තිබුණු අතර ගාල්ල දිසාපති කාර්යාලයෙන් ද මෙය රාජ්‍ය උත්සවයක් ලෙස නම් කර තිබිණි.

රාජ්‍ය ලේබලය අළවා තිබූ මේ එම උත්සවය සංවිධානය කරන හෙල්ප් ඕ ආයතනයට හෝල්ඩි ගෝල් ශාලාව වෙනුවෙන් රුපියල් 35,000.00ක මුදලක් ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙවීමට ඊයේ (03) සිදුව ඇත. උත්සවයේ සියලු වියදම් සිදුකරන්නේ ද එම සංවිධානය විසිනි. මේ ක්‍ර්‍රියාවලිය සිදුවන ආකාරය දෙස බැලීමේ දී රාජ්‍ය ලේබලය හැලී ගියේ එක් පුද්ගලයකුගේ බලපෑමක් හේතුවෙන් ද යන්න පිළිබඳවත් සැකයක් හටගෙන ඇත.

පරිසර අමාත්‍යාංශයේ ප්‍රකාශකයන් පවසන්නේ ජාතික උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට සූදානම් කළේ අනිල් ජාසිංහ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි වැඩ බාර ගැනීමෙන් පසුව බැවින් එය ජාතික මට්ටමේ උත්සවයක් බවට පත්කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවයි.

නමුත්, සැබැවින් ම ජගත් පරිසර දිනය ජාතික උත්සවයක් ලෙස පැවැත්වීමට පරිසර අමාත්‍යාංශයට ප්‍රමාණවත් ප්‍රතිපාදන නැත. වෙනත් උත්සවයකට ජාතික ලේබලය අලවාගෙන තිබිණි.

අමාත්‍යාංශයක් අනු‍න්ගේ වැඩසටහනකට රාජ්‍ය ලේබලය අලවාගැනීමට උත්සාහ ගෙන එය අතරමග නතවා දැමුව ද හෙට දිනනයේ පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරමින් පැවැත්වෙන උත්සවය මීට ඉහත සංවිධානය කළ ආකාරයෙන් ම නොවෙනස්ව පැවැත්වෙන බව ද සංවිධායකවරු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!