කොළඹ ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ ගෝඨාගෝ ගම අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරම්භ කළ “ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව” අඛණ්ඩ 50 වැනි දිනයටත් අද (04) පැවැත්වේ.
අරගලයට සහය දෙන සියලු දෙනාට අද (04) සවස 3.00ට ගාල්ලට පැමිණෙන ලෙස ගේාඨාගෝ ගම සංවිධායකවරු ඉල්ලා සිටිති.
අද උදෑසන 11.00 සිට සවස 5.00 දක්වා ගාල්ල අරගල බිමේ දී. ජනතා කොමිසමක් විසින් ජනතා සාක්ෂි විමසීම සිදුකරනු ලබයි. එහි දී ගෝල්ෆේස් හා කොල්ලුපිටිය අරගලකරුවන්ට පහරදුන් වගකිවයුත්තන්ට දඬුවම් දීමට සත්‍ය නිරාරවණය කරන ත්‍රී පුද්ගල ජනතා කොමිසම හමුවේ සාක්ෂි විභාගය පැවැත්වෙයි.
මේ අතර සවස 3.00ට ගාල්ල ඕල්කොට් පිළිරුව අසළ සිට උද්ඝෝෂණ පා ගමනක් පැවැත්වෙන අතර සවස 5.00ට ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාවේ දී උද්ඝෝෂණ රැළියක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.. සවස 6.00ට අරගලය ගතයුතු මග සහ අරගලයේ අභියෝග සම්බන්ධයෙන් සංවාදශීලී සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එමෙන් ම රාත්‍රී 8.00ට සංගීතමය අඬහැරයක් ද ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාවේ සංවිධානය කර ඇත.