21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා අද (03) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ ජනමතවිචාරණයකින් තොරව සම්මත කළ හැකි සංශෝධන ගෙනඒමට කැමැත්ත ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධයක් ඊට එකතු වී තිබේ.
මෙහි දී පක්ෂ නායකයන් තීරණණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැතිව ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඉවත්කිරීමට නොහැකි විය යුතු බවයි. එමෙන්ම කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශ ලබා ගැනීමටත්, ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තමන් සන්තකයේ තබා ගැනීමට නොහැකියැයි යන කරුණු සඳහා සියලු පක්ෂ නායකයන් එකඟ ව තිබේ. එමෙන් ම අමාත්‍ය විෂය තීරණය කිරීම ද ජනාධිපතිවරයාගේ අභිමතය පිරිදි සිදු නොකළ යුතු බවට යොජනා ඉදිරිපත්ව ඇත. මීට අමතරව කිසිසේත්ම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට හැකියාවක් නොතිබිය යුතු බව ද මෙහි දී පක්ෂ නායකයන් එකඟ වූ කරුණකි.
මේ සම්බන්ධ සාකච්ඡාව අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම රැස්වීමට සහභාගී වූ ජී.එල්.පීරිස් සහ දිනේෂ් ගුණවර්ධන දෙදෙනා සාකච්ඡාව අතරමග නැගිට ගොස් ඇත.