උතුරු නැගෙනහිර වන භූමි කුඹුරු වගාවට යැයි කියමින් බෙදා දීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඔහු ගොවිජන සේවා කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.
උතුරු, නැගෙනහිර පළාත්වල මීට වසර ගණනාවකට ඉහත දී වගාකර අතහැර දමා පුරන්වූ කුඹුරු මේ වනවිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන බැවින් එම ඉඩම් ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් කළා යැයි කියන ඉල්ලීමකට අනුව ඇමතිවරයා මෙම උඵදෙස් නිකුත්කර ඇත.
දැනට වන සංරක්ෂණයට පවරාගෙන ඇති පැරණි කුඹුරු ඉඩම් යල කන්නයේ මෙන් ම ඉදිරි මහ කන්නයේ දී ද වගා කිරීමට හැකිවන පරිදි කඩිනමින් ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඇමතිවරයා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ට දැනුම් දී තිබේ