ලෝක පාපැදි දිනය යෙදී ඇති අද (03) හැටන් නැෂනල් බැංකු නිලධාරීන් පාපැදිවලින් සේවයට පැමිණ රටට ම ආදර්ශයක් ලබාදීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකාව පුරා හැටන් නැෂනල් බැංක ශාඛාවල සේවයේ නිරත බොහෝ නිලධාරීන් පාපැදියෙන් අද සේවයට වාර්තා කරමින්, රැකියාවට යාම සඳහා ලාභදායීම, තරමක දහඩිය දැමුව ද ඉතාමත් විනෝදජනක සයිකල් සවාරිය වඩාත් සුදුසු බව රටට පෙන්වා දීමට කටයුතු කර තිබිණනි.
ඔවුන් මේ ආකාරයට පාපැදියෙන් සේවයට පැමිණීම බොහෝ නගරවල විශාල පිරිසකගේ අවධානයට ලක්වූ කරුණක් විය. හැටන් නැෂනල් බැංකුවේ කොළඹ මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයෝ ද පාපැදියෙන් සේවයට පැමිණ තිබිණි.



ගාල්ල





